Friday, April 13, 2012

Ways of Caring Wild Animals

කාළෙකට පස්සෙ....අද කියන්න යන්නෙ අපි අවට ඉන්න සතෙක් තනි වෙලා කියලා හිතුනම මොකද කරන්න ඕනේ කියලා.
එහෙම සතෙක් අපි දැක්කම කලින්ම කරන්න ඕනේ එක පාරටම එයා ගාවට යන්නේ නැතිව ටිකක් ඈතට වෙලා එයා දිහා බලන් ඉන්න එක.එහෙම කරන්න කියන්නෙ සමහර විට එයාගේ කට්ටිය ආපහු එන්න පුළුවන්.නැත්තන් එයා අනික් කට්ටියව හොයගෙන යන්න පුලුවන්.අපි එය ගාවට එක පාරටම ගියොත් එයාගේ ජීවන රටාව වෙනස් වෙන්න පුලුවන්.එතකොට සතා කලබල වෙලා තුවාල කර ගන්න්ත් පුළුවන්.ඒ විතරක් නෙමේ අපිට පාහර දෙන්නත් පුළුවන්.
එහෙම ටික වෙලාවක් හිටියම අපිට ඒ සතා ගැන හිත ගන්න පුලුවන්.ඊට පස්සේ එයා ගාවට ගියාට කමක් නෑ.ඒත් කලබල කරන්නේ නැතුව තමා එය ගාවට යන්න ඕනේ.ඊට පස්සේ අපි එයා ඉන්න තත්වය ගැන බලන්න ඕනේ.එ කියන්නේ එයා පොඩි සතෙක්ඩ නැද්ද තුවලා වෙලාද නැද්ද කියලා බලලා ඒ සතා ගැන අවබෝදයක් ගන්න ඕනේ.
ඊට පස්සේ එයාව සුදුසු තැනකට අරන් ගියාට කමක් නෑ.එහෙදි එයාව හොදින් බලා ගන්න ඕනේ.ඒයාට තුවාල වෙලා නන් අවශ්‍ය ප්‍රතිකාර කරන්න පශු වෛද්‍ය වරයෙක් ලගට අරගෙන යන්න.ඔහු අවශ්‍ය ප්‍රතිකාර කරයි.සතාට අවශ්‍ය කෑම ගැනත් ඔහුගෙන් දැනගන්න.ඒ සතා යලිත් ප්‍රකුර්ති තත්වයට එනකන් එයාව හොදින් බලා ගන්න එක තමයි ඊට පස්සේ කරන්න ඕනේ.
එයා යලිත් ප්‍රකුර්ති තත්වයට ආවට පස්සේ අපි එයාව හිටපු පරිසරයට ආපහු යවන එක අනිවර්යයෙන් කරන්න ඕනේ.
එයාව හිටපු පරිසරයටම දැම්මට පස්සේ ටික දවසක් යනකන් එයා ගැන සුපරික්ශවෙන් ඉන්න ඕනේ.මොකද අපි එයව වෙනස් පරිසරයක බලාගත්ත හින්දා එයගේ ජීවන රටාව වෙන්ස් වෙලා දැන් පරිසරයට හුරුවෙන්න එක පාරටම අමාරු වෙන හින්දා.අනික ඒ කාලය අතරතුර එයා යලිත් තුවාල කර ගන්න පුලුවන් හින්දා.
This is for the betterment of the wild life..
Enjoy!!!!

No comments:

Post a Comment